• වෙනූෂා කියූ ඔබ නොඇසූ කතාවක්!

      මරණය! ඔව්… මරණය වනාහී අප සියලු දෙනාටම පොදු, සනාතන ධර්මතාවයකි. යමෙකුට අනුව “ජීවිතය යනු සංසාර ගමනේ එක් නැවතුම් පොලක් පමණි. මරණයත් සමග අපි මෙම නැවතුම්පොළ හැරයන්නෙමු”. එය සත්‍යයකි යයි මටද බොහෝ විට හැඟී ගොස් තිබෙන්නකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිද්දෙන්, මෙලොවට අපගේ ආගමනය හෝ ඉන් විගමනය, එසේත් නැතිනම් උත්පත්තිය හෝ විපත්තිය තීරණය කිරීමෙහි අධිකාරිය හිමි නිසි බලධරයා වනුයේ ඔබවත්, මමවත් මෙරට ජනාධිපතිවත් එසේත් නැතිනම් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවත් නොව ඔබ විසින් කල කර්මයන්ගේ ශක්තියයි. ඔබ මෙලොවට එන්නේද, ඔබ මෙලොව හැරදා නික්ම යන්නේද, ඔබ විසින් කළාවූ හොඳ නරක කර්මයන් විසින් ඔබ උදෙසාම තනන්නට යෙදුනු කැලැන්ඩරයට අනුවය...